Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st October 2022 21:17:34 Hours

යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් අවශ්‍යතා සහිත සිවිල් වැසියන්ට වියළි සලාක පාර්සල්

යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් සඳහා නිරතුරුවම සහයෝගය ලබාදෙන කුෂිල් ගුණසේකර මහතා ප්‍රමුඛ ‘ගුණ ජය සතුට’ පදනමේ අනුග්‍රහකත්වය මත කුංගෙන්කුලම්, මදුරන්කේනිකුලම් සහ කිරිමිච්චිය නැගෙනහිර යන ප්‍රදේශ වල පදිංචි දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක පාර්සල් 200 ක් බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ඒ අනුව, 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි සහයෝගය මත කුංගෙන්කුලම් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගිය බදාදා (26) දින එම ප්‍රදේශවල තොරාගත් ප්‍රතිලාභීන් වෙත රු.3500.00 වටිකමකින් යුත් වියළි සලාක පාර්සල් 200 ක් බෙදාදෙන ලදී.

එම වියලි සලාක පාර්සල් බෙදාදීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහභාගී වූ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථාන - නැගෙනහිර යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.