Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th October 2022 11:32:42 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක්

යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් මත යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ හා යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ යුද්ධ හමුදා ඉදිරි දර්ශන සැලසුම් සහ ක්‍රියාත්මක කිරීමේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත්ගේ අධීක්‍ෂණ මත මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් පහක් ආවරණය වන පරිදි එම පාසල්වල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නායකත්ව කුසලතා ඉහල නැංවීම සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය සිකුරාදා (28) දින පවත්වනු ලැබීය.

ඒ අනුව, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් එම පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහන් පවත්වන ලෙස සිදුකරනු ලැබූ ඉල්ලීමක් මත තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ බූ වැලිකඩ සංඥා පහුණු පාසලෙහි සම්බන්ධීකරණය යටතේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය, විජය විද්‍යාලය, රජයේ විද්‍යා විද්‍යාලය, ක්‍රිස්තු දේව විද්‍යාලය සහ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල යන පාසල්වල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නායකත්ව කුසලතා ඉහල නැංවීම සඳහා වූ නායකත්ව පුහුණු වැඩසටහන සංඥා පහුණු පාසල් පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

යුද්ධ හමුදාවේ නායකත්ව ගුණාංග සමාජයේ උන්නතිය සඳහා තරුණ ප්‍රජාවට දායාද කරමින් පුහුණු වැඩසටහන අතරතුර, නායකත්ව ගුණාංගයන් සංවර්ධනය කිරීම උදෙසා වැදගත්වන දැනුම, කුසලතා සහ ධනාත්මක චින්තනය පුළුල් කිරීම ප්‍රධාන අරමුණ කරගත් විවිධ මාතෘකා ඔස්සේ දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පවත්වන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් අනුව, බූ වැලිකඩ සංඥා පුහුණු පාසල විසින් මෙම නායකත්ව පුහුණු වැඩසටහන සංවිධානය කරන ලද අතර, එමගින් වැඩි අවධානයක් යොමු වී ඇත්තේ දීප ව්‍යාප්තව ඇති පාසල් වල සිසුසිසුවියන්ගේ ධනාත්මක සංකල්පීය ආකල්ප සහ ගුණාංග වැඩිදියුණු කර එමගින් පුද්ගල සංවර්ධනය ඇති කර රටට වැඩදායි පුද්ගලයන් නිර්මාණය කිරීමයි.

මෙම වැඩමුළුවේදී ‘Managing by Wandering Around (MBWA)’ යන තේමාව යටතේ නායකත්ව පුහුණු වැඩසටහන බූ වැලිකඩ සංඥා පුහුණු පාසල විසින් පවත්වනු ලැබූ අතර, පුහුණු වැඩසටහන ආරම්භ කරමින් එහි පිළිගැනීමේ කතාව එම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් බී.ඩී ප්‍රනාන්දු විසින් සිදුකරන ලදී. පුහුණු වැඩමුළුවේ ආරම්භක උත්සවය සඳහා 221 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව රත්නායක සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේවාවසම් මහතාද සහභාගී වූහ.

පුහුණු වැඩසටහන අතරතුර, නායකත්ව ගුණාංගයන් සංවර්ධනය කිරීම උදෙසා වැදගත්වන දැනුම, කුසලතා සහ ධනාත්මක චින්තනය පුළුල් කිරීම ප්‍රධාන අරමුණ කරගත් විවිධ මාතෘකා ඔස්සේ, දේශන ප්‍රායෝගික ක්‍රියාකාරකම් පවත්වන ලදී. ඉතා හරවත් දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්කරමින් මෙම පුහුණු වැඩසටහන සාර්ථකව පැවැත්වීමට භූ වැලිකඩ සංඥා පුහුණු පාසල වෙතින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේවාවසම් මහතා ඇතුළු අනෙකුත් විද්‍යාලවලින් වැඩසටහනට සහභාගී වූ ගුරුභවතුන් සිය කෘතවේදීත්වය පලකරන ලදී.