Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2022 23:02:44 Hours

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ලෙස ඉවත් වූවන් සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ

2022 ඔක්තෝබර් මස 25 වන දිනට හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකල සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට 2022 නොවැම්බර් 15 දින සිට බලපැවැත්වෙන පරිදි ඔවුන්ට එම සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් වීමට හැකි පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම පොදු සමා කාලය 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන අතර, ඒ අනුව පොදු සමාව යටතේ ඉවත්වීමට කටයුතු කරන අදාල හමුදා සාමාජියන්ගෙන් අයවිය යුතු යම් මුදලක් වේ නම් නීත්‍යානුකූලව ඉවත් වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කල යුතුය. පොදු සමා කාලය 2022 නොවැම්බර් 15 සිට 2022 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන බව එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ. (අවසන්)