Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2022 18:58:11 Hours

541 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මූල්‍යමය දායකත්වය මත ප්‍රජා මූලික වැඩසටහනක්

මන්නාරම දිස්ත්‍රික්කයේ රජයේ දමිළ මිශ්‍ර පාසල් කිහිපයක අධ්‍යපනය ලබන අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් සිසුසිසුවියන් 100 කට අධික පිරිසක් වෙත පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ ප්‍රජා මූලික වැඩසටහනක් 541 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මූල්‍යමය දායකත්වය මත සිදුකරන ලදී.

එම පාසල් සිසුසිසුවියන්ගේ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යම් දිරිගැන්වීමක් ලබාදීමේ අරමුණින් 541 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහ විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වනු ලැබූහ.

ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි ඉලුප්පකඩවායි රජයේ දමිළ මිශ්‍ර පාසල, අන්තෝනිපුරම් රජයේ දමිළ මිශ්‍ර පාසල, මුන්දම්පිඩ්ඩි රජයේ දමිළ මිශ්‍ර පාසල, කූරේ රජයේ දමිළ මිශ්‍ර පාසල, කල්ලිඅඩි රජයේ දමිළ මිශ්‍ර පාසල, කෝවිල්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල, අලිගාර් මුස්ලිම් විද්‍යාලය, ජෝසප් වාස් මහා විද්‍යාලය යන පාසල්වල ඉගෙනුම ලබන තෝරාගත් සිසුසිසුවියන් වෙත එම පාසල් උපකරණ බෙදා දෙනු ලැබූහ.

මෙම ප්‍රජා මූලික වැඩසටහන 12 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් සම්බන්ධීකරණය කරන ලද අතර, ප්‍රතිලාභී සෑම පාසල් සිසුසිසුවියන් වෙතම අභ්‍යාස පොත්, ලිපි ද්‍රව්‍ය, පෑන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පාසල් උපකරණ ප්‍රදානය කරන ලදී.

යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබූ මෙම ප්‍රජා මූලික වැඩසටහන එම පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ ප්‍රතිලාභී පාසල් සිසුසිසුවියන්ගේ දෙමාපියන් විසින් අගය කරනු ලැබූහ.