Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2022 18:15:11 Hours

යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් අවශ්‍යතා සහිත සිවිල් වැසියන්ට වියළි සලාක

ගම්පොල ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන අවශ්‍යතා සහිත පවුල් 10 ක් වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පසුගිය ඉරිදා (23) දින පැවැත්විණි. එම වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය මහරගම ප්‍රදේශයේ වෙසෙන එම්. කොරතොට මහත්මිය විසින් ලබාදෙන ලදී.

111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක ගේ උපදෙස් මත එම කඳවුරු පරිශ්‍රයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් නිලධාරින් සහ සෙසුනිලයන් සිය සහයෝගය දැක්වූහ.