Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2022 17:30:11 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ පැවති ඒකක ආධුනික පාඨමාලාව සාර්ථකව අවසන්

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ වාර්ෂික පුහුණු වැඩසටහනට සමගාමීව පෙරියකාඩු යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු පාසලේදී පවත්වනු ලැබූ ආධුනික සෙනීන් රෙජිමේන්තුව වෙත අනුගත කිරීමේ පාඨමාලාව පසුගිය සිකුරාදා (21) දින අවසන් විය.

සැප්තැම්බර් මස 01 දින ආරම්භ කළ මෙම පාඨමාලාව සඳහා ආධුනික සෙබලුන් 110 දෙනෙකු සහභාගී වූහ.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් නලීන් ප්‍රභාත් ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කාවින්ද බාලසූරිය ගේ සුරතින් පාඨමාලාව සාර්ථකව අවසන්කල ආධුනික සෙබලුන් වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදී.

මෙම සහතිකපත් ප්‍රධානෝත්සවය සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, අනෙකුත් උපදේශකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.