Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th October 2022 11:17:00 Hours

573 බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක පාර්සල්

යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ප්‍රජාසත්කාරක ව්‍යපෘතීන්හි තවත් එක් වැඩසටහනක් වශයෙන් අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා (20) දින පවත්වන ලදී.

ඒ අනුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 573 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 2500.00 වටිනාකමකන් යුත් වියළි සලාක පාර්සල් 50 ක් බෙදාදීම සිදු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රමිත් ප්‍රසන්නගේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගී විය.

යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා මුල්‍යමය දායකත්වය දකුණු ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රෂාන් කවිෂා, කවිෂා වීරකෝන් සහ යමුනා දිසානායක යන මහත්මීන් විසින් ලබාදුන් අතර, පරිත්‍යාගශීලීන්ගේ සහභාගීත්වයෙන් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී මෙම පරිත්‍යාග වැඩසටහන පැවැත්වූ අතර, එහිදී සහල්, පරිප්පු, අල, ධාන්‍ය වර්ග ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් වියලි සලාක පාර්සල් ප්‍රතිලාභීන් වෙත බෙදා දෙනු ලැබිණි.

මෙම අවස්ථාවට 57 වන සේනාංකයේ සේනාංකාධිපති, 571, 572 සහ 573 වන බලසේනාවේ බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.