Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2022 17:25:51 Hours

682 වන බලසේනාවේ භටපිරිස් මරදමඩු වැව් බැම්ම පිලිසකර කරයි

පසුගිය දිනවල ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුදුකුඩිඉරිප්පු මරදමඩු වැවේ වැව් බැම්මේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ඇති වූ ජල කාන්දුවීම් තත්ත්වය හේතුවෙන්, වල්ලිපුර ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 68 වන සේනාංකයේ 682 වන බලසේනාවට අයත් භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (22) දින එම ජල කාන්දුවීම් තත්ත්වය වැලැක්වීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලදී.

ඒ අනුව, මෙම වැව් බැම්ම ආරක්‍ෂා කිරීමට 6 වන ගැමුණු හේවා බලකායේ, 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් 100 ගේ පමණ ශ්‍රමදායකත්වයෙන් යුතුව වැව් බැම්ම වෙත වැලි කොට්ට යොදා එම පිලිසකර කටයුතු කඩිනමින් සිදුකරන ලද අතර, ඒ සඳහා අවශ්‍ය උපදෙස් 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම සහ 682 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගලප්පත්ති විසින් ලබාදෙනු ලැබූහ.