Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st October 2022 20:34:00 Hours

211 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරනයෙන් පාසල් සිසුසිසුවියන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පාර්සල්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ 211 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි බාලිකා සංගමයේ හර්ෂනී ගුණසේකර චිත්‍රසිරි මහත්මිය සහ රෝඇන් තෝමස් මහත්මියගේ අනුග්‍රහකත්වය මත මැදවච්චිය සහ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි අනුරාධපුර, කරම්බන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ සහ කාපිරිකාගම ප්‍රාථමික විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් අධ්‍යපනය ලබන පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ පාර්සල් සහ වියලි සලාක පාර්සල් 63 ක ප්‍රමාණයක් පසුගිය සෙනසුරාදා (08) දින බෙදාදුන් අතර, එහිදී ඔවුන් වෙත ප්‍රණීත දිවා ආහාර වේලක්ද පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න සහභාගී වූ අතර, 211 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ කටයුතු අංශය විසින් මෙම පරිත්‍යාග වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී. එහිදී රුපියල් ලක්ෂ 6 කට වඩා වැඩි වටිනාකමකින් යුත් වියලි සලාක පාර්සල් සහ පාසල් උපකරණ පාර්සල් බෙදාදෙන ලදී.

මියුසියස් විද්‍යාලයීය ආදි බාලිකා සංගමය නියෝජනය කරමින් ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර, 14 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී, 2(ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, 211 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 14 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 2(ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්ද මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදෙනු ලැබූහ.