Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th October 2022 19:46:33 Hours

පලාලි ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 63 දෙනෙකුට පාසල් උපකරණ

යාපනයේ පලාලි ප්‍රදේශයේ පිහිටි දර්මාකෙර්නි දමිළ විද්‍යාලයේ සහ මුහමාලේ ආර්.සී.ටී.එම්. විද්‍යාලයේ තෝරාගත් අවශ්‍යතා සහිත සිසු සිසුවියන් 63 දෙනෙක් සහ ගුරු භවතුන් 12 දෙනෙකු වෙත පාසල් උපකරණ, වියළි සලාක පාර්සල් සහ පිසූ ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (17) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ගම්පහ ප්‍රදේශයේ පදිංචි හර්ෂනී ගුණසේකර, චිත්‍රසිරි, හසිත සමරසිංහ, මහේෂා සමරසිංහ, මේකලා රොද්‍රිගෝ, ප්‍රසාද් ලොකුබාලසූරිය යන මහත්ම මහත්මීන්ගේ ඒකාබද්ධ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනාවේ භටපිරිස් සිය සහයෝගය ලබාදෙන ලැබීය.

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ මඟපෙන්වීම මත 552 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජයනාත් ජයවීර මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කටයුතු සංවිධානය කරනු ලැබීය. මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 552 වන බලසේනාවේ බලසේනාධිපති සහභාගී වූ අතර පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය මත එකක වටිනාකම රුපියල් 2500 ක් වන පාසල් උපකරණ සහ වියළි සලාක පාර්සල් ප්‍රතිලාභීන් වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රෝහණ තිලකරත්න, 23 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් රුක්මාල් රත්නායක සහ 552 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී මේජර් රුවන් දෙහිගල සිය දායකත්වය ලබාදුන්හ.