Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th October 2022 17:41:14 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ පැවති ‘කාර්යාල පරිපාලන සහකාර පාඨමාලාව - 88’ සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් එම මූලස්ථානයේ සියලු නිලයන් පරිපාලන කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින් යුද්ධ හමුදා සාමාජිකයින් 38 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ‘කාර්යාල පරිපාලන සහකාර පාඨමාලාව - 88’ පවත්වනු ලැබූ අතර පසුගිය සෙනසුරාදා (08) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ ප්‍රධානත්වයෙන් එම පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වීය.

මෙම පාඨමාලාව 2022 ජූලි මස 26 දින සිට ඔක්තෝබර් මස 8 දින දක්වා නිපුණතා පදනම් විෂය මාලාව යටතේ ආරම්භ වූ අතර පාඨමාලාව හැදෑරූ යුද්ධ හමුදා සාමාජිකයන් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් 3 සහ 4 සඳහා සුදුසුකම් ලැබීය.

පාඨමාලාවේ ප්‍රථම ස්ථාන තුන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් විසින් හිමිකරගන්නා ලදී.

සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහභාගී වූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් තුසිත සිල්වා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.ජේ. ජයරත්න ද මෙම අවස්ථාවට එක්වූහ.