Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th October 2022 15:46:43 Hours

යාපනය, පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ ඉදිකරනු ලැබූ නව ශල්‍යාගාරය සහ මුළුතැන්ගෙයි සංකීර්ණය විවෘත කෙරේ

යාපනය, පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ ඉදිකරනු ලැබූ නව ‘ප්‍රණාම’ ශල්‍යාගාරය සහ මුළුතැන්ගෙයි සංකීර්ණය පසුගිය අඟහරුවාදා (18) දින ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ ප්‍රධානත්වයෙන් පැවති චාම් උත්සවයකදී විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ සුරතින් නව ශල්‍යාගාරය සහ මුලුතැන්ගෙයි සංකීර්ණය පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ අණදෙන නිලධාරි මේජර් ලහිරු රත්නවීර වෙත භාරදෙනු ලැබීය. එම රෝහල සතු සෞඛ්‍ය පහසුකම් මෙන්ම රෝගීන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම ඉහළ නැංවීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ මූලිකත්වයෙන් මෙම ශල්‍යාගාරය සහ මුළුතැන්ගෙයි සංකීර්ණය ඉදිකරනු ලැබීය.

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් සොයිසා ගේ මගපෙන්වීම මත 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

එම උත්සවයේ සමාරම්භක අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, භටපිරිස් සහ පරිපාලන නිලධාරීන් පිරිසක් ද එක්වූහ.