Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th October 2022 15:43:25 Hours

58 වන සේනාංකයේ සාමාජිකයින් සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගනී

දංගහවෙල ශ්‍රී ධර්මරාජ විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව පුත්තලම පිහිටි 58 වන සේනාංකයේ භටපිරිස් එම මූලස්ථාන පරිශ්‍රය අසලින් පසුගිය අඟහරුවාදා (18) දින අලංකාරවත් පෙරහැරකින් වැඩම කරවන්නට යෙදුන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ණය කිරීමේ සහ වැඳපුදාගැනීමේ අවස්ථාව සඳහා සැදැහැ සිතින් යුතුව සිය දායකත්වය දැක්වීය.

දංගහවෙල ශ්‍රී ධර්මරාජ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා පිංකමට සමගාමීව මෙම ධාතු ප්‍රදර්ශනය කිරීමේ පුණ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

මෙම ධාතූන් වහන්සේලා වැඩම කරවීමේ පෙරහැර 58 වන සේනාංක මූලස්ථානය අසලට වැඩම කරවීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ ඇතුළු සියලු නිලයන් සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී එම පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනාමාන සහ පුදසත්කාර පවත්වනු ලැබීය. එම අවස්ථාවට සේනාංක මූලස්ථානය අවට වෙසෙන සිවිල් වැසියන් ද එක්වූහ.