Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th October 2022 17:43:13 Hours

541 වන බලසේනාවේ මූලිකත්වයෙන් මන්නාරම ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

541 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහ ගේ මූලිකත්වයෙන් මන්නාරම සහ ඒ අවට ප්‍රදේශයන්හී පිහිටි පාසල්වල අඩු ආදායම්ලාභී පවුල් 100 ක සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව, එම ප්‍රදේශයේ පිහිටි ඉලුප්පකඩවායි රජයේ දමිළ මිශ්‍ර පාසල, අන්තෝනිපුරම් රජයේ දමිළ මිශ්‍ර පාසල, මුන්ඩම්පිඩ්ඩි රජයේ දමිළ මිශ්‍ර පාසල, කූරායි රජයේ දමිළ මිශ්‍ර පාසල, කල්ලිඅඩි රජයේ දමිළ මිශ්‍ර පාසල, කෝවිල්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල, අලිගර් මුස්ලිම් විද්‍යාලය සහ ජෝෂප් වාස් මහා විද්‍යාලය යන පාසල්වල ප්‍රතිලාභී සිසු සිසුවියන් සඳහා මෙම වැඩසටහනෙන් ප්‍රතිලාභ හිමිවිය.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ගේ උපදෙස් මත 541 වන බලසේනාව යටතේ ස්ථාපිත 12 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (11) දින 541 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් සමඟින් එක්ව එම පාසල් වෙත ගොස් මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබිණි.

මෙම වැඩසටහන සඳහා එම පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන්, 541 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 12 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී සහ සිසු සිසුවියන්ගේ දෙමාපියන් පිරිසක් එක්වූහ.