Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th October 2022 17:45:35 Hours

සිවිල් සම්බන්ධීකරණ නිලධාරි පාඨමාලාවේ නිරත නිලධාරින් වෙනුවෙන් ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් දේශනයක්

සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ පාඨමාලා අංක - 21 මේ දිනවල පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර එම පාඨමාලාව හදාරනු ලබන නිලධාරින් යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය කර්නල් ධම්මික අධිකාරි විසින් පසුගිය අඟහරුවාදා (18) දින විශේෂ දේශනයක් පවත්වන ලදී.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් නිලධාරීන් 24 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සති දෙකක කාලයක් පුරාවට පැවැත්වෙන මෙම පාඨමාලාව මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කර ඇත. සිවිල් ජීවිතය සහ හමුදා ජීවිතය අතර වෙනස, සිවිල්-හමුදා සබඳතා, සිවිල් කටයුතු කළමනාකරණයේ විෂය පථය, සිවිල් ජනතාව හා හමුදා සාමාජිකයින්ගේ හැසිරීම් රටා හඳුනාගැනීම, සිවිල් වැසියන් සමඟ පවතින සහයෝගීතාවය වර්ධනය කරගන්නා ආකාරය, මානුෂීය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ජනතා හිතකාමී හමුදාවක් ලෙස හමුදා ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම ආ‍දී පුළුල් පරාසයක කරුණු රැසක් මෙම පාඨමාලාව තුලින් ආවරණය කරනු ලබයි.

කර්නල් ධම්මික අධිකාරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේශනය සමාප්තියේ වැඩිදුර කරුණු විග්‍රහ කිරීම සඳහා සාකච්ඡා සැසියක් ද පැවැත්විණි.