Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th October 2022 19:00:52 Hours

8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් අඟුරුවැල්ල ප්‍රදේශයේ නාය යෑමෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුමක

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වරකාපොල, අඟුරුවැල්ල, තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීම නිසා සිකුරාදා (14) දින සවස සිදුවූ නායයාමකින් නිවසක සිරවී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මුදවා ගැනීම සදහා මේ වනවිට ආරක්‍ෂක සේනා මූලස්ථාන බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ 611 බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් යුහුසුළුව කටයුතු කරනු ලබයි.

මේ වන විට පස් කඳු ඉවත් කරමින් එම නිවසේ සිරවී සිටින පවුලේ එක් පුද්ගලයෙකු (පියෙකු) බේරා ගෙන ඇති අතර, යුද්ධ හමුදා සාමාජිකයින් 75 කට අධික පිරිසක් එම නිවසේ සිරවී සිටින අනෙකුත් පවුලේ සාමාජිකයින් බේරා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් යොදමින් කටයුතු කරන අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය එයට විශාල අභියෝගයක් වී තිබේ.

බේරාගත් පුද්ගලයා මේ වන විට වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, 61 වන සේනාංකයේ සේනාංකාධිපති, 611 වන බලසේනාවේ බලසේනාධිපති සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ගලවා ගැනීමේ සහන සේවා කටයුතු අධීක්‍ෂණය කරනු ලබයි.