Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2022 19:12:14 Hours

අතරමැදි බොක්සිං තරඟාවලිය - 2022, යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්

පසුගියදා පැවති අතරමැදි බොක්සිං තරඟාවලිය - 2022 සමස්ත තරඟාවලියෙහි පිරිමි අංශයේ ශූරතාව සහ කාන්තා අංශයේ අනුශූරතාව යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා ලදී.

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය ඔක්තෝබර් මස 05 වන දින සිට 08 වන දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේ බොක්සිං වළල්ලේදී පැවැත්වූ අතර, ඒ සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ බොක්සිං ක්‍රීඩකයින් මෙන්ම නාවික හමුදාව හා ගුවන් හමුදාව නියෝජනය කරමින්ද බොක්සිං ක්‍රීඩකයින්යින් සහභාගී වී තරඟ කරනු ලැබූහ.

මෙම තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 12 ක් දිනා ගැනීමට සමත් වූ අතර, යුද්ධ හමුදා පිරිමි බොක්සිං ක්‍රීඩකයින් ශූරයන් බවටත් කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් අනු අනුශූරයන් ලෙසත් ශ්‍රේණිගත කරන ලදී.

එහිදී, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය සහ දක්‍ෂතම පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානය යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් හිමිකර ගන්නා ලදී.

ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්වන් නම් පහත පරිදි වේ;

රන් පදක්කම්

ලාන්ස් බොම්බොඩියර් එච්.එම්.එල්.පී ජයවර්ධන කිලෝග්‍රෑම් 48 ට අඩු බර පන්තිය සඳහා

ලාන්ස් බොම්බොඩියර් ඒ.ඩී.ඩී.පී.ඒ.ආර් ප්‍රසාද් කිලෝග්‍රෑම් 51 ට අඩු බර පන්තිය සඳහා

කෝප්‍රල් එච්.අයි චාමර කිලෝග්‍රෑම් 54 ට අඩු බර පන්තිය සඳහා

සාමාන්‍ය සෙබල ඩී.එම්.එම් දසනායක කිලෝග්‍රෑම් 57 ට අඩු බර පන්තිය සඳහා

සාමාන්‍ය සෙබල එල්.එස් නයනානන්ද කිලෝග්‍රෑම් 63.5 ට අඩු බර පන්තිය සඳහා

ලාන්ස් කෝප්‍රල් පී.එස්.පී.එස් ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 67 ට අඩු බර පන්තිය සඳහා

ලාන්ස් කෝප්‍රල් එස්.කේ ජයසේන කිලෝග්‍රෑම් 75 ට අඩු බර පන්තිය සඳහා

කෝප්‍රල් ඒ.ආර්.එස්.ඩී තිලකරත්න කිලෝග්‍රෑම් 86 ට අඩු බර පන්තිය සඳහා

සාමාන්‍ය කාන්තා සෙබල බී.ඒ නෙත්මිනී කිලෝග්‍රෑම් 52ට අඩු බර පන්තිය සඳහා

සාමාන්‍ය කාන්තා සෙබල කේ.එල් සඳරේකා කිලෝග්‍රෑම් 54ට අඩු බර පන්තිය සඳහා

සාමාන්‍ය සෙබල වයි.ජී.ඒ.එම් අමරතුංග කිලෝග්‍රෑම් 66 ට අඩු බර පන්තිය සඳහා

රිදී පදක්කම්

සාමාන්‍ය සෙබල එම්.ඒ.ටී සන්දීප කිලෝග්‍රෑම් 48 ට අඩු බර පන්තිය සඳහා

සාමාන්‍ය සෙබල පී.එස්.ඒ.පී.ඩී.ටී කුමාර කිලෝග්‍රෑම් 54 ට අඩු බර පන්තිය සඳහා

කෝප්‍රල් පී.පී.එස් සිරිවර්ධන කිලෝග්‍රෑම් 60 ට අඩු බර පන්තිය සඳහා

කෝප්‍රල් ජී.පී.ඩී.කේ සමීර කිලෝග්‍රෑම් 71 ට අඩු බර පන්තිය සඳහා

ලාන්ස් කෝප්‍රල් ජී.වී.එම් සම්පත් කිලෝග්‍රෑම් 71 ට අඩු බර පන්තිය සඳහා

කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එම්.පී වාරියප්පෙරුම කිලෝග්‍රෑම් 86 ට අඩු බර පන්තිය සඳහා

සාමාන්‍ය සෙබල එච්.කේ.එන්.එන් පෙරේරා කිලෝග්‍රෑම් 48ට අඩු බර පන්තිය සඳහා

සාමාන්‍ය සෙබල ඒ.පී.ඒ.ඩබ්ලිව් රත්නායක කිලෝග්‍රෑම් 57 ට අඩු බර පන්තිය සඳහා

සාමාන්‍ය කාන්තා සෙබල එච්.එස්.එම් සංකල්පනී කිලෝග්‍රෑම් 60 ට අඩු බර පන්තිය සඳහා

ලෝකඩ පදක්කම්

සාමාන්‍ය සෙබල පී.කේ.යූ ද සිල්වා කිලෝග්‍රෑම් 48 ට අඩු බර පන්තිය සඳහා

ලාන්ස් බොම්බොඩියර් ඩී.එම්.ඩී දිවාකර කිලෝග්‍රෑම් 51 ට අඩු බර පන්තිය සඳහා

සාමාන්‍ය සෙබල එන්.බී.එස්.එන් කුමාර කිලෝග්‍රෑම් 57 ට අඩු බර පන්තිය සඳහා

ලාන්ස් බොම්බොඩියර් ඩී.බී.ඒ.ඩී බණ්ඩාර කිලෝග්‍රෑම් 60 ට අඩු බර පන්තිය සඳහා

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එස්.එම්.එස් බණ්ඩාර කිලෝග්‍රෑම් 63.5 ට අඩු බර පන්තිය සඳහා

ලාන්ස් කෝප්‍රල් එස්.එම්.ටී.ආර්.බී සමරකෝන් කිලෝග්‍රෑම් 63.5 ට අඩු බර පන්තිය සඳහා

කෝප්‍රල් ජී.පී.ඩී සඳරුවන් කිලෝග්‍රෑම් 71 ට අඩු බර පන්තිය සඳහා

ලාන්ස් කෝප්‍රල් කේ.බී.එම්.එස් සෙනෙවිරත්න කිලෝග්‍රෑම් 92 ට වැඩි බර පන්තිය සඳහා

කෝප්‍රල් ඒ.එස් රුක්‍ෂාන් කිලෝග්‍රෑම් 92 ට වැඩි බර පන්තිය සඳහා

ලාන්ස් කෝප්‍රල් යු.ඒ අවිශ්ක කිලෝග්‍රෑම් 92 ට වැඩි බර පන්තිය සඳහා

සාමාන්‍ය සෙබල ආර්.ඩී.බී.ඩබ්ලිව් චන්ද්‍රසේන කිලෝග්‍රෑම් 50 ට අඩු බර පන්තිය සඳහා

සාමාන්‍ය සෙබල එම්.ඩී.පී මනතුංග කිලෝග්‍රෑම් 54 ට අඩු බර පන්තිය සඳහා