Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2022 19:18:10 Hours

රක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා ‘ගැටළු විසඳීම’ මැයෙන් දේශනයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න විසින් ‘ගැටළු විසඳීමේ පියවර’ යන මැයෙන් හරවත් දේශනයක් එම මූලස්ථානයෙහි රාජකාරියෙහි නියුතු නිලධාරීන් සහ සෙසු නිලයන් වෙත පසුගිය බදාදා (12) දින පවත්වන ලදී.

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලද මෙම දේශනය මගින් ගැටළු හඳුනා ගැනීම, ගැටළු සඳහා විසඳුම්, ගැටළු කෙරෙහි දක්වන ආකල්ප සහ ප්‍රවේශයන් යනාදී මාතෘකා ඔස්සේ කාලීන සමාජ සිදුවීම් පිළිබඳ සාකච්ඡාවට බදුන් කරමින් යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී.

මෙම දේශණය අවසානයේදී සහභාගී වූවන් සඳහා ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරිමට ද අවස්ථාවක් හිමිවූ අතර, එමඟින් ඔවුන් ඉදිරිපත් කරන ලද ගැටළු සඳහා ධනාත්මක විසඳුම් ලබා දෙන ලදී.