Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2022 19:03:21 Hours

මැලේසියාවේ පැවති 8 වැනි ලෝක කැරම් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ජයග්‍රහණ රුසක්

රටවල් 18 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මැලේසියාවේ පැවති 8 වැනි ලෝක කැරම් ශූරතාවලිය ඔක්තෝබර් මස 3 වන දින සිට සිට 7 වන දින දක්වා පැවති අතර, ඒ සඳහා ඉදිරිපත් වී තරඟ වැදුනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි කැරම් කණ්ඩායම එහි අනුශූරතාව දිනා ගැනීමට සමත් වූහ.

අවසන් මහා තරගයේදී ඉන්දීය ක්‍රීඩකයින් සමඟින් තරඟ වැදුණු විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එස්.එම් ප්‍රනාන්දු අනුශූරතාව හිමිකර ගත් අතර, බංග්ලාදේශ ක්‍රීඩිකාවන් සමඟින් තරඟ වැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ආර්.ඩී ගේබ්‍රියෙල් එම තරඟාවලියේ කාන්තා අංශයේ 3 වන ස්ථානය දිනාගැනීමට සමත් වූහ.

එසේම බංග්ලාදේශ ක්‍රීඩිකාවන් සමඟින් තරඟ වැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඊ.පී.එන්.එම් ගුණදාස එම ඉසව්වේ 3 වැනි ස්ථානය දිනා ගන්නා ලදී.