Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2022 19:06:57 Hours

24 වන සේනාංකයේ සේනාංකාධිපති බලප්‍රදේශයේ ක්‍ෂේත්‍ර සංචාරයක

24 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් වජිර වෙලගෙදර පසුගිය සිකුරාදා (07) සහ සෙනසුරාදා (08) යන දිනයන්හි 242 වන බලසේනා මූලස්ථානයේ සහ එම බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ක්‍ෂේත්‍ර සංචාරයක නිරත විය.

මේජර් ජෙනරල් වජිර වෙලගෙදර ප්‍රථමයෙන්ම 242 වන බලසේනා මූලස්ථානයට සපැමිණි අතර, එහිදී එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනුරාධ සෝලංගආරච්චි සහ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලැබූහ.

එහිදී, 24 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වූ අතර, එම ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කරන ලදී. පසුව 242 වන බලසේනා මූලස්ථානයේදී සියළුම නිලයන් අමතමින් වෘත්තීය දැනුම නිරන්තරයෙන් වැඩිදියුණු කරගැනීමේ අවශ්‍යතාවය, ස්වයං විනය ඉහළ මට්ටමකින් පවත්වාගැනීම සහ කැපවීමෙන් රාජකාරි ඉටුකිරීමේ වැදගත්කම පිළිබඳවද අවධාරණය කළේය. අනතුරුව ප්‍රදේශයේ වැදගත් ස්ථානයන්හි ආරක්‍ෂාව තහවුරු කිරීම, භටපිරිස්හි ආහාර පාන, නවාතැන් ආදී සුබසාධන පහසුකම් වැඩි දියුණු කිරීම ආදි කරුණු පිළිබඳව මේජර් ජෙනරල් වජිර වෙලගෙදර විසින් එහි සිටි නිලධාරීන් දැනුවත් කරන ලදී.

අනතුරුව, 24 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් සෙනසුරාදා (8) දින 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව වෙත සංචාරයේ නිරත වෙමින් එම මූලස්ථානයේ පරිපාලන කටයුතු පිළිබඳ සොයා බැලු අතර, එහිදී එම ඒකකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් හමුවී පරිපාලන, මෙහෙයුම් සහ සුබසාධන කටයුතු පිළිබඳවත් සාකච්ඡා කරනු ලැබීය. මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා 242 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ද එක් විය.