Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th October 2022 14:58:59 Hours

12 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් මිහිඳු පෙරේරා පසුගිය සෙනසුරාදා (8) දින හම්බන්තොට, නගරවැව හි පිහිටි 12 වන සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාරගන්නා ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් 12 වන සේනාංක මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් ප්‍රසාද් ජයසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.

පසුව, 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පිරිනැමූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් මිහිඳු පෙරේරා මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලද අතර, සමූහ ඡායාරූප කීපයකටද පෙනීසිටින ලදී. නව සේනාංකාධිපතිතුමන් විසින් 12 වන සේනාංකයේ රාජකාරි නියුතු භටපිරිස් ඇමතීමෙන් අනතුරුව උත්සව කටයුතු අවසන් විය.

මෙම අවස්ථාව සඳහා 12 වන සේනාංකය යටතේ ස්ථාපිත 121 වන සහ 122 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද එක් වූහ.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි සිදුකළ මේජර් ජෙනරල් ලංකා අමරපාල ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.