Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th October 2022 18:58:28 Hours

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පැවැති උපකරණ පාලක නිලධාරි පාඨමාලා අංක - 05 සාර්ථකව අවසන්

ත්‍රිකුණාමලය යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පැවැති උපකරණ පාලක නිලධාරි පාඨමාලා අංක - 05 සැප්තැම්බර් මස 28 දින සාර්ථකව අවසන් කරමින් එම පාඨමාලාව සඳහා සහභාගී වූවන් වෙත සහතික පත්‍ර බෙදාදෙන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් 2022 ජූලි මස 18 දින ආරම්භ වූ මෙම පාඨමාලාව සඳහා බළලත් නිලධාරින් 60 දෙනෙකු සහභාගී වූ අතර එම බළලත් නිලධාරින් සාර්ථකව මෙම පාඨමාලාව සම්පූර්ණ කරමින් උපපන්න නිලධාරින් ලෙස උසස්වීම් ලැබීය. මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය සහ ස්වේච්ඡා බලකාය නියෝජනය කරමින් බළලත් නිලධාරින් සහභාගී වූහ.

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාල සරඹ භූමියේදී පැවති නිල ලාංඡන පැළඳවීමේ සහ සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් මේනක ප්‍රනාන්දු සහභාගී විය. මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් ජී.ටී.එස්. සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා වැදගත්කමක් එක් කරමින් බ්‍රිගේඩියර් මේනක ප්‍රනාන්දු විසින් සියලුම උපපන්න නිලධාරින් වෙත යෂ්ටි ප්‍රදානය කරන ලදී. එමෙන්ම, පාඨමාලාවේ වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ උපපන්න නිලධාරි ඩී.ආර්.වී. වික්‍රමසිංහ වෙත ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් විශේෂ ඇගයීම් සංකේතයක් ප්‍රදානය කරන ලදී.