Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th October 2022 19:25:15 Hours

14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ආහාර පාර්සල් පරිත්‍යාග කරයි

64 වන සේනාංකයට අයත් 641 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම බලප්‍රදේශයේ අවශ්‍යතා සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත උපකාර කිරීමේ අරමුණින් ඔඩ්ඩුසුඩාන්, මන්ඩකන්දාල් ප්‍රදේශයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් වෙත දිවා ආහාර පාර්සල් 50 ක් පරිත්‍යාග කරන ලදී.

641 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක් ජයවර්ධන ගේ උපදෙස් හා 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්. අයි. ප්‍රසන්න ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.