Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th October 2022 19:46:52 Hours

144 වන බලසේනාවෙන් ‘ආපදා කළමනාකරණය’ සහ ‘කැරලි පාලනය’ පිළිබඳ වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත 144 වන බලසේනාවේ භටපිරිස් විසින් 2022 ඔක්තෝම්බර් මස 02 දින ‘ආපදා කළමනාකරණය’ සහ ‘කැරලි පාලනය’ පිළිබඳ සම්බන්ධ නිරූපණයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීය.

14 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න ගේ උපදෙස් මත මෙම වැඩමුළුව කැලණිමුල්ලේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවති අතර එහි නිදර්ශණයන් කැලණි ගං ඉවුරේදී පැවැත්විණි.

එමෙන්ම, 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ‘ආපදා කළමනාකරණය’ සහ ‘කැරලි පාලනය’ පිළිබඳ වැඩමුළුවක් ඔක්තෝබර් මස 2 දින ආරම්භ කරනු ලැබූ අතර එය 9 දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. එම වැඩමුළුව 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ පුහුණුව ලැබූ භටපිරිස් විසින් පවත්වන ලදී.

එහිදී පැවති නිදර්ශණය අතරතුර, ගංවතුර සහන සේවා ක්‍රියාකාරකම් සහ කැරලි මර්දන සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳව න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව යුද හමුදා සාමාජිකයින් දැනුවත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා 5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස් සහ ශ්‍රී ලංකා කාන්තා බලකායේ සාමාජිකාවන් ද සහභාගී වූහ.