Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th October 2022 16:59:01 Hours

‘ජාත්‍යන්තර සංචාරක දිනය’ වෙනුවෙන් 242 වන බලසේනාවේ භටපිරිස් වෙරළ තීරය පිරිසිදු කරයි

24 වන සේනාංකයට අයත් 242 වන බලසේනාවේ භටපිරිස් ත්‍රිවිධ හමුදාවන්හී භටපිරිස් සහ පොලිස් නිලධාරින් සමග එක්ව වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ සංචාරක හා කර්මාන්ත මණ්ඩලය සමඟ අත්වැල් බැඳගනිමින් ‘ජාත්‍යන්තර සංචාරක දිනය’ සැමරීම වෙනුවෙන් පොතුවිල් කලපුව සහ ආරුගම්බේ සංචාරක කලාපය ආශ්‍රිතව වෙරළ සංරක්‍ෂණය හා සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් සිදුකරනු ලැබීය.

242 වන බලසේනාවේ භටපිරිස් ආරුගම්බේ ‘රූපාස් බීච්’ (Rupas Beach) හෝටල් පරිශ්‍රයේදී දිවා කාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘති සඳහා එක්වූහ.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් 242 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනුරුද්ධ සෝලංගආරච්චි, සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රසන්න ද සිල්වා සහ එම බලසේනාවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.