Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th October 2022 17:46:42 Hours

සේවයට කැපවූ යුද්ධ හමුදා සාමාජිකයින් ඇගයීමේ වැඩසටහනේ දෙවන අදියර පනාගොඩදී

පසුගිය කාලසීමාවේ රට තුළ පැවති අර්බුධකාරි තත්ත්වය හමුවේ පරාර්ථකාමි සේවයක නිරත වූ යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ප්‍රශංසා සහතිකපත් ප්‍රදානය කිරීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ පසුගිය අඟහරුවාදා (04) දින ශ්‍රී ලංකා පාබල හමුදා ශ්‍රවණාගාර පරිශ්‍රයේදී යුද්ධ හමුදා නිලධාරින් 12 දෙනෙකුට සහ සෙසුනිලයන් 95 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව 2022 අගෝස්තු මස 9 දින ප්‍රථම වරට යුද්ධ හමුදා මූලස්ථානයේ සිදුකළ සංචාරයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සේවය අගයමින් සහතිකපත් ප්‍රදානය කරනු ලැබූ අතර එම සහතිකපත් ප්‍රදානෝත්සවයේ II වන අදියර වශයෙන් මෙවර ප්‍රශංසා සහතිකපත් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහභාගී වූ අතර එතුමන්ගේ සුරතින් නිලධාරින් සහ සෙසුනිලයන් වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නියෝජනය කරමින් සහභාගී වූ ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් දුෂ්කර තත්වයන් මධ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කැපවූ නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට 14 වන සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, 141 සහ 144 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.