Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2022 12:00:53 Hours

යුද්ධ හමුදාවේ මඟපෙන්වීමෙන් අස්වැද්දූ කුඹුරුවල වී අස්වනු නෙලාගනී

යුද්ධ හමුදාවේ මඟපෙන්වීම මත අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සිවිල් වැසියන් විසින් අක්කර 80 ක පමණ භූමි ප්‍රමාණයක් තුළ කාබනික පොහොර යොදාගනිමින් අස්වැද්දූ කඹුරුවල ප්‍රථම අස්වනු නෙලීමේ මංගල්‍යය පසුගිය අඟහරුවාදා (20) දින පැවැත්විණි.

පොහොර හිඟය හේතුවෙන් අතහැර දමා තිබූ කුඹුරු නැවත අස්වැද්දීම සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ විසින් ලබාදුන් මාර්ගෝපදේශ මත ශ්‍රාවස්තිපුර ගොවි ප්‍රජාව විසින් නැවත වී වගාකිරීමේ කටයුතු මැයි මස 25 දින ආරම්භ කරන ලදී. කෘෂිකර්මාන්තය පිළිබඳ රාජ්‍ය බලධාරීන් විසින් ලබාදුන් සහයෝගය සහ විශේෂඥතාව උපයෝගී කරගනිමින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් කරන ලදී. පසුව, එම භටපිරිස් විසින් කාබනික කෘෂිකර්මාන්තය සිදුකරනු ලබන ආකාරය පිළිබඳ ප්‍රදේශයේ ගොවීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම ගොවි ප්‍රජාව විසින් නැවත සීසෑමේ සහ වී වගා කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදාවෙන් ලබාදුන් සහයෝගය සහ මඟපෙන්වීම මත එම ප්‍රදේශයේ ගොවි ප්‍රජාව විසින් වී වගාකිරීමේ කටයුතු සාර්ථකව සිදුකර සරු අස්වැන්නක් ලබාගන්නා ලදී.

මෙම අස්වනු නෙලීමේ මංගල්‍යය සඳහා ගොවි ප්‍රජාවගේ ආරාධනයකට අනුව මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ සහභාගී වූ අතර මෙම අවස්ථාවට ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මූලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයන් ද එක්වූහ.