Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2022 11:00:53 Hours

5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස්හී මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලකට නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මුලතිව්, සෙල්ලිපුරම් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා පසුගිය අඟහරුවාදා (4) දින මුල්ගල් තැබීය.

යුද්ධ හමුදා භටපිරිස්හී දක්‍ෂතා සහ තාක්‍ෂණික දැනුම පිළිබඳ උපරිම විශ්වාසය තබමින් එම ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු විසින් මෙම ව්‍යාපෘතිය සඳහා සිය මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වීය.

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.ජේ. ප්‍රියදර්ශන ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල් තබන ලදී. මෙම අවස්ථාවට 611, 662 සහ 663 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් ද සහභාගී වූහ.