Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2022 12:50:35 Hours

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික සහ ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලිය - 2022 සාර්ථකව අවසන්

යුද්ධ හමුදා සුළු අවි සංගමය සහ ‘ස්නයිපර්වරුන්ගේ නිවහන’ ලෙස වඩාත් ප්‍රචලිත දියතලාවේ පිහිටා ඇති යුද්ධ හමුදා ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල සමගින් එක්ව පවත්වනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික සහ ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලිය - 2022’ පසුගිය සිකුරාදා (30) දින අවසන් වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සුළු අවි සංගමයේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්ටීඩබ්ලිව්ජී ඉහලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.

රයිෆල් වෙඩි තැබීමේ ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සෑම වර්ෂයකටම වරක් අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික සහ ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලිය පවත්වනු ලබයි. මෙම වසරේදීද පැවැත්වූ එම තරඟාවලිය සඳහා විවෘත, සේවා රෙජිමේන්තු සහ නවක යන කාණ්ඩ ත්‍රිත්වය යටතේ යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් වෙඩික්කරුවන් 400 කට වැඩි පිරිසක් සහභාගී වී තරඟ කල අතර, විවෘත කාණ්ඩය යටතේ සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලියේ ශූරතාවය ගැමුණු හේවා බලකා වෙඩික්කරුවන්ද, අනුශූරතාව ගජබා රෙජිමේන්තු වෙඩික්කරුවන්ද, තෙවන ස්ථානය කමාන්ඩෝ රෙජිමේන්තු වෙඩික්කරුවන් විසින්ද හිමිකර ගන්නා ලදී.

සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟ අංශයේ නවක කාණ්ඩයේ ශූරතාවය ගැමුණු හේවා බලකා වෙඩික්කරුවන් විසින් දිනාගත් අතර, අනුශූරතාව පිළිවෙළින් විජයබාහු පාබල රෙජිමේන්තුව සහ කමාන්ඩෝ රෙජිමේන්තු වෙඩික්කරුවන් විසින් හිමිකර ගන්නා ලදී.

එහිදී, සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟ අංශයේ සේවා රෙජිමේන්තු කාන්ඩයේ ශූරතාව යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ වෙඩික්කරුවන් විසින් දිනා ගන්නා ලද අතර, යුද්ධ හමුදා සේවා බලකායේ වෙඩික්කරුවන් දෙවන ස්ථානයත් යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ වෙඩික්කරුවන් තෙවන ස්ථානයත් දිනා ගන්නා ලදී.

අනතුරුව, පැවති විවෘත අංශයේ ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියේදී ගැමුණු හේවා බලකා වෙඩික්කරුවන් විසින් ශූරතාව දිනා ගන්නා ලද අතර, ගජබා රෙජිමේන්තු වෙඩික්කරුවන් විසින් දෙවන ස්ථානයත් කමාන්ඩෝ රෙජිමේන්තු වෙඩික්කරුවන් විසින් තෙවන ස්ථානයත් දිනා ගන්නා ලදී. එහිදී, ආධුනික කාන්ඩයේ ප්‍රථම ස්ථානයද ගැමුණු හේවා බලකා වෙඩික්කරුවන් විසින් දිනා ගන්නා ලද අතර, ගජබා රෙජිමේන්තුවේ වෙඩික්කරුවන් දෙවන ස්ථානය හිමිකර ගනිද්දී කමාන්ඩෝ රෙජිමේන්තුවේ වෙඩික්කරුවන් විසින් තෙවන ස්ථානයත් හිමිකර ගන්නා ලදී.

සේවා රෙජිමේන්තු කාණ්ඩයේ ශූරතාව යුද්ධ හමුදා සේවා බලකායේ වෙඩික්කරුවන් විසින් දිනාගත් අතර, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා වෙඩික්කරුවන් සහ යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා වෙඩික්කරුවන් පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථානයන් හිමිකර ගන්නා ලදී .

සංග්‍රාමික වෙඩි තැබීමේ තරගාවලියේ විවෘත කාණ්ඩයේ දක්‍ෂතම වෙඩික්කරුවා ලෙසින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ බලලත් නිලධාරි II බන්නාහකේ බීඑම්ආර්ආර්, නවක කාණ්ඩයේ දක්‍ෂතම වෙඩික්කරුවා ලෙසින් ගැමුණු හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් රත්නායක ආර්ඒජීකේ, සේවා රෙජිමේන්තු කාණ්ඩයේ දක්‍ෂතම වෙඩික්කරු ලෙසින් යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලලත් නිලධාරි II මංචනායක එස්පීඩීඑස් සම්මාන හිමිකර ගත්හ.

තවද, ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලියේ විවෘත කාණ්ඩයේ දක්‍ෂතම වෙඩික්කරු ලෙස ගැමුණු හේවා බලකායේ බලලත් නිලධාරී 1 ඩබ්ලිව්පීඑන් ධම්මික, නවක කාන්ඩයේ දක්‍ෂතම වෙඩික්කරු ලෙස ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ජයසිංහ ඩබ්ලිව්ජීයූඑල් සහ සේවා රෙජිමේන්තු කාන්ඩයේ දක්‍ෂතම වෙඩික්කරු ලෙස යුද්ධ හමුදා සේවා බලකායේ මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත කුමාර ජීජී සම්මාන හිමිකර ගත්හ.

එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දියතලාව ක්‍ෂේත්‍ර වෙඩි පිටියට සපැමිනි යුද්ධ හමුදාධිපතිතුමන්, මේජර් ජෙනරල් ඩබ්ලිව්ටීඩබ්ලිව්ජී ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් පිළිගැනීමෙන් පසු තරඟාවලියේ ත්‍යාග ප්‍රධානය කිරීමේ උත්සවය ආරම්භ විය. එහිදී, මෙම තරඟකාරී රෙජිමේන්තු කණ්ඩායම්හී වෙඩික්කරුවන්ගේ සංග්‍රාමික වෙඩි තැබීමේ කුසලතා නැරඹීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය.

අනතුරුව ත්‍යාග ප්‍රදානෝත්සවය ආරම්භයේදී මේජර් ජෙනරල් ඩබ්ලිව්ටීඩබ්ලිව්ජී ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් පිළිගැනීමේ කතාව සිදුකරමින් සංග්‍රාමික සහ ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලියෙන් යුද්ධ හමුදාවට ඇති වැදගත්කම සහ තරඟාවලිය සංවිධානය කිරීම සබැඳිව සහභාගී වූවන් දැනුවත් කළේය. අනතුරුව අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික සහ ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලිය - 2022 ජයග්‍රාහකයින් සහ සහභාගී වූවන් වෙනුවෙන් කුසලාන, පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීම සිදුකෙරිණි. ජයග්‍රාහකයින් වෙත සිය සුභපැතුම් පිරිනමමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ප්‍රථමයෙන් ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා එක්වූ අතර ඉන් අනතුරුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එම්කේඑස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් ඩබ්ලිව්ඒඑස්එස් වණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුද කුසලාන, පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා එක්වූහ.

එමෙන්ම, ප්‍රායෝගික වෙඩි තැබීමේ අංශයෙන් යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්පී කාරියවසම් විසින් බ්‍රිගේඩියර් සහ මේජර් ජෙනරල් කාණ්ඩය යටතේ හිමි කුසලාන සහ සහතිකපත් දිනාගත්හ.

මේජර් ජෙනරල් සහ බ්‍රිගේඩියර් නිලයේ කාණ්ඩය යටතේ දක්‍ෂතම වෙඩික්කරුට හිමි කුසලානය සහ සහතිකපත ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් කේඑම්වී කොඩිතුවක්කු විසින් හිමිකර ගන්නා ලදී. අනතුරුව, උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා සුළු අවි සංගමයේ ලේකම් මේජර් ආර්ඒඩීඒ රණසිංහ ආර්ඩබ්ලිව්පී පීඑස්සී විසින් ස්තුති කථාව සිදුකල අතර, පැමිණ සිටි පිරිස විනෝදාස්වාදයට පත්කිරීම සඳහා උත්සවය අතරතුර විනෝදාස්වාදක අංගයන්ද පවත්වන ලදී.

ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එම්කේඑස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් ඩබ්ලිව්ඒඑස්එස් වනසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජේඑම්එස්ජීබී ජයමහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.

මෙම තරඟාවලියට සහභාගී වූ තරඟකරුවන් කිලෝ මීටර් 9 ක් දිවීම, මීටර් 300 ක පරාසයක් තුළ වාර 10 ක් වෙඩි තැබීම්, මීටර් 200 ක පරාසයක් තුළ වාර 20 ක් වෙඩි තැබීම්, මීටර් 100 ක පරාසයක් තුළ වාර 10 ක් වෙඩි තැබීම් සහ මීටර් 50 ක පරාසයක් තුළ වාර 10 ක් වෙඩි තැබීම යන ඉසව් සඳහා සහභාගී වී තරඟවැදීමෙන් පසු ලබාගන්නා ප්‍රථිපල අනුව අවසන් වටයට පිවිසීමට සුදුසුකම් ලබයි. යුද්ධ හමුදා සුළු අවි සංගමය වෙතින් ‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික සහ ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලිය - 2022’ තරඟාවලිය පවත්වනු ලබන්නේ වෙඩිතැබීමේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම, බලඇණිවල සියලු නිලයන් අතර සහෝදරත්වය වර්ධනය කිරීම මෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පවත්වනු ලබන තරඟාවලීන් සඳහා දක්‍ෂතා ඇති වෙඩික්කරුවන් තෝරාගැනීම යන අභිමතාර්ථයන් සාක්‍ෂාත් කරගැනීමේ අරමුණින් පවත්වනු ලබයි.

තරඟ ඉසව්හි ප්‍රතිපලය පහත පරිදි වේ;

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය -2022;

විවෘත කාණ්ඩය

ගැමුණු හේවා බලකාය - ශූරතාවය

ගජබා රෙජිමේන්තුව - දෙවන ස්ථානය

කමාන්ඩෝ රෙජිමේන්තුව - තෙවන ස්ථානය

ආධුනික කාණ්ඩය

ගැමුණු හේවා බලකාය - ශූරතාවය

විජයභාහු පාබල රෙජිමේන්තුව - දෙවන ස්ථානය

කමාන්ඩෝ රෙජිමේන්තුව - තෙවන ස්ථානය

සේවා රෙජිමේන්තු කාණ්ඩය

යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය - ශූරතාවය

යුද්ධ හමුදා සේවා බලකාය - දෙවන ස්ථානය

යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය - තෙවන ස්ථානය

දක්‍ෂතම වෙඩික්කරු (විවෘත කාණ්ඩය) - බලලත් නිලධාරි II බන්නාහකේ බීඑම්ආර්ආර් (කමාන්ඩෝ රෙජිමේන්තුව)

දක්‍ෂතම වෙඩික්කරු (නවක කාණ්ඩය) - ලාන්ස් කෝප්‍රල් රත්නායක ආර්ඒජීකේ (ගැමුණු හේවා බලකාය)

දක්‍ෂතම වෙඩික්කරු (සේවා රෙජිමේන්තු කාණ්ඩය) - බලලත් නිලධාරි II මංචනායක එස්පීඩීඑස් (යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය )

අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලිය -2022

විවෘත කාණ්ඩය

ගැමුණු හේවා බලකාය - ශූරතාවය

ගජබා රෙජිමේන්තුව - දෙවන ස්ථානය

කමාන්ඩෝ රෙජිමේන්තුව - තෙවන ස්ථානය

ආධුනික කාණ්ඩය

ගැමුණු හේවා බලකාය - ශූරතාවය

ගජබා රෙජිමේන්තුව රෙජිමේන්තුව - දෙවන ස්ථානය

කමාන්ඩෝ රෙජිමේන්තුව - තෙවන ස්ථානය

සේවා රෙජිමේන්තු කාණ්ඩය

යුද්ධ හමුදා සේවා බලකාය - ශූරතාවය

යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය - දෙවන ස්ථානය

යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය - තෙවන ස්ථානය

දක්‍ෂතම වෙඩික්කරු (විවෘත කාණ්ඩය) - බලලත් නිලධාරී 1 ඩබ්ලිව්පීඑන් ධම්මික (ගැමුණු හේවා බලකාය)

දක්‍ෂතම වෙඩික්කරු (නවක කාණ්ඩය) - සාමාන්‍ය සෙබල ජයසිංහ ඩබ්ලිව්ජීයූඑල් (ගජබා රෙජිමේන්තුව)

දක්‍ෂතම වෙඩික්කරු (සේවා රෙජිමේන්තු කාන්ඩය) - මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත කුමාර ජීජී (යුද්ධ හමුදා සේවා බලකාය)