Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th September 2022 00:09:45 Hours

යුද්ධ හමුදා භටපිරිස් තොටළඟ ප්‍රදේශය ආශ්‍රිතව හටගත් ගින්න මැඩපවත්වයි

කොළඹ 15, තොටළඟ, කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස ආශ්‍රිතව හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි අඟහරුවාදා (27) දින සන්ධ්‍යාවේ ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භටපිරිස් එම ගින්න පාලනය කිරීමට සමත් වූහ.

ඒ අනුව, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් වෙත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් එම ගින්න මැඩපැවැත්වීම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.

142 වන බලසේනාව වෙතින් එම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් සහ යුද්ධ හමුදා භටපිරිස් යෙදවීමේ කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබීය.

මෙම හදිසි අවස්ථාව පිළිබඳව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත දැනුම්දීමෙන් අනතුරුව දැඩි ලෙස හානි සිදුවී ඇති එම ප්‍රදේශයේ නිවාස ආශ්‍රිතව හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා කඩිනමින් භටපිරිස් යොදවන ලෙස 142 වන බලසේනාවේ බලසේනාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත උපදෙස් ලබාදෙන ලදී.