Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th August 2022 21:04:16 Hours

බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 09 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස් කෙරේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලියනගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 09 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස් කරන ලදි.

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි හමුදා ලේකම් කාර්යාලය සිකුරාදා (19) දින නිකුත් කළ නිවේදනයේ සඳහන් පරිදි 23 සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ෂෙවන්ත කුලතුංග, විදේශ පාඨමාලාවක නිරත ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් මිහිදු පෙරේරා, 58 සේනාංකයේ සේනාංකාධිපති විශේෂ බලකායේ බ්‍රිගේඩියර් විපුල ඉහළගේ, යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකායේ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානාච්චි, මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් මංජුල කාරියවසම්, 57 සේනාංකයේ සේනාංකාධිපති විශේෂ බලකායේ බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස්, 21 සේනාංකයේ සේනාකාධිපති විශේෂ බලකායේ බ්‍රිගේඩියර් නිශ්‍යංක ඊරියගම, ජනාධිපති ආරක්‍ෂක අංශයට අනුයුක්තව සේවයේ නියුතු විශේෂ බළකායේ බ්‍රිගේඩියර් මහින්ද රණසිංහ සහ විදේශ පාඨමාලාවක නිරත ගැමුණු හේවා බළකායේ බ්‍රිගේඩියර් වජිර වෙලගෙදර යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ අනුව මේජර් ජෙනරල් නිලයට උසස් කරන ලදී.