Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th August 2022 16:04:09 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙතින් ක්‍රිකට්, වොලිබෝල් සහ පා පන්දු තරඟාවලියක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත පුහුණු පාසල් ඇතුළු සියලුම ඒකකයන්හී සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් අතර සුහදත්වය හා සබඳතාවයන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ සංකල්පයකට අනුව වර්ෂ 2022 අගෝස්තු මස 1 සිට 03 දින දක්වා දිනයන්හිදී මුලතිව් ප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩාපිටියේදී මෙම ක්‍රිකට්, වොලිබෝල් සහ පාපන්දු තරඟාවලීන් පවත්වනු ලැබිණි.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුහදත්වය හා ක්‍රීඩා කෞෂල්‍යයන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් පැවති මෙම තරඟාවලියේ සංවිධාන කටයුතු 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස් විසින් සිදුකරනු ලැබීය. වර්ෂ 2022 අගෝස්තු මස 01 සිට 03 දින දක්වා පැවති මෙම ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම විසින් දිනාගත් අතර අනුශූරතාවය 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩකයින් විසින් දිනාගනු ලැබූහ.

වර්ෂ 2022 අගෝස්තු මස 04 දින සිට 07 දින දක්වා පැවති වොලිබෝල් තරඟාවලියේ ශූරතාවය 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩකයින් දිනාගත් අතර අනුශූරතාවය 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ක්‍රීඩකයින් විසින් දිනාගත්හ. එමෙන්ම, ඉතා තියුණු තරඟයකින් අනතුරුව පා පන්දු තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩකයින් සමත්වූහ.

තරඟාවලියේ කුසලාන හා සම්මාන ප්‍රදානෝත්සවය සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස් ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගී විය. එහිදී, ප්‍රේක්‍ෂකයන්ගේ අත්පොලසන් මධ්‍යයේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කෙරිණි.

මෙම තරඟාවලියේ අවසන් මහා තරඟයන් නැරඹීම සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් චරිත් දිසානායක, 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගම්ලත්, 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රමිත් ප්‍රසන්න, 57 වන සේනාංකයේ කර්නල් මාණ්ඩලික ප්‍රධානි කර්නල් ඉලන්ත රණතුංග සහ 57 වන සේනාංකයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන කර්නල් නිරංජන් ද සිල්වා එක්වූහ.