Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th August 2022 16:09:31 Hours

යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමන්ගෙන් ‘මාධ්‍ය සහ යුද්ධ හමුදාව’ පිලිබද හරවත් දේශනයක්

යුද්ධ හමුදා ජන මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න විසින් පසුගිය බදාදා (17) දින ‘මාධ්‍ය සහ හමුදා සබඳතාවය’ යන මැයෙන් නිලධාරීන් සහ සෙසුනිලයන් දැනුවත් කිරීමේ දේශනයක් රත්මලාන යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී පවත්වන ලදී.

එහිදී, යුද්ධ හමුදාවේ කීර්ති නාමය කෙරෙහි මාධ්‍යයේ බලපෑම, මාධ්‍ය විමසුම් සහ ප්‍රවේශ කළමනාකරණය, යුද්ධ හමුදා සමාජිකයන්ට මාධ්‍යයේ බලපෑම, මාධ්‍යයන්හි වාසි සහ අවාසි, දෘශ්‍ය, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය තුළ එහි අනාවරණයන්, සමාජීය උත්තේජකයක් ලෙස මාධ්‍යයේ වැදගත් අංග, දේශපාලන හා සංස්කෘතික සංවර්ධනය කෙරෙහි මාධ්‍යයේ බලපෑම, මාධ්‍ය ඉතිහාසය සහ ශ්‍රී ලාංකීය සන්දර්භය, ජාත්‍යන්තර වශයෙන් මහජන සබදතාවයන් පවත්වාගැනීම සඳහා මාධ්‍යයේ බලපෑම ආදී තේමාවන් පිළිබඳව පුළුල් ලෙස විග්‍රහකරනු ලැබීය.

විශේෂයෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිනාමය ඉහළ නැංවීම සඳහා ජනමාධ්‍ය නිසි අයුරින් භාවිතා කිරීම සහ සාවද්‍ය හා නොමග යවනසුළු තොරතුරුවලට හසු නොවී කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව එතුමන් අවධාරණය කළේය.

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු මෙම වැඩසටහනට සහභාගී වූහ.