Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th August 2022 15:49:58 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර වෙතින් තවත් සංස්කරණ පාඨමාලාවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ නිලධාරිනියන්ගේ දැනුම තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් භඨකාර්ය සම්පාදනය සහ පරිපාලන කටයුතු පිළිබඳ සංස්කරණ පාඨමාලාවක් මින්නේරිය ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානය වෙතින් අගෝස්තු මස 15 දින මින්නේරිය ප්‍රදේශයේ පිහිටි 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මූලස්ථානයේදී ආරම්භ කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුදත් රත්නායක සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ගේ උපදෙස් මත දින 4 ක් පුරාවට පැවති මෙම සංස්කරණ පාඨමාලාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, සේනාංක, බලසේනා, පුහුණු පාසල් සහ බලඇණි නියෝජනය කරමින් නිලධාරීන් 29 සහභාගී වූහ.

එමෙන්ම, කර්නල් ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර සහ කාර්ය මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා අවැසි සහයෝගය ලබාදුන්හ.