Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th August 2022 15:55:18 Hours

582 වන බලසේනාවේ සංවත්සර දිනයට සමගාමීව ඉදිකළ නව නිලධාරි නිවස්නය විවෘත කෙරේ

1 වන බලකා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් හොරණ ප්‍රදේශයේ පිහිටි 582 වන බලසේනාවේ 15 වන සංවත්සර දිනයට සමගාමීව එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව නිලධාරි නිවස්නය අගෝස්තු මස 2 දින එම බලසේනා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී 582 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත නවරත්න ගේ සුරතින් විවෘත කරනු ලැබීය.

582 වන බලසේනාවේ භටපිරිස්වල ඉංජිනේරු හා තාක්‍ෂණික දැනුම මෙන්ම ශ්‍රම දායකත්වය මත මෙම ව්‍යාපෘතිය නියමිත දිනට පෙර සාර්ථකව නිමකිරීමට හැකියාව ලැබිණි. නව නිලධාරි නිවස්නය විවෘත කිරීම සනිටුහන් කරමින් එම බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් පීත්ත පටිය කපා සමරු ඵලකය නිරාවණය කිරීමෙන් අනතුරුව, කිරි උතුරවා නව ගොඩනැගිලි පරිශ්‍රය වෙත ඇතුළුවිය.

මෙම උත්සව අවස්ථාව සඳහා 582 වන බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.