Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2022 17:35:37 Hours

12 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් රාජ්‍ය ව්‍යාපෘතීන් කිහිපයක වැඩ නිමකරයි

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන්වලට දායකත්වය දක්වමින් 12 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මාස 8 ක කාලයක් පුරා ක්‍රියාත්මක කරනු ලැබු අනුරාධපුර, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ව්‍යාපෘතීන් කිහිපයක වැඩ සාර්ථකව අවසන් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය යටතේ රජරට විශ්වවිද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම, මීටර් 800 ක කාණු පද්ධතියක් සකස් කිරීම, කළුතර වලල්ලාවිට මහජන ක්‍රීඩාංගණයට නව ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීම, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සහ එහි මීටර් 800 ක කාණු පද්ධතියේ සකස් කිරීම යන ව්‍යාපෘතීන් සහ කෑගල්ල පෝද්දෙනියකන්ද විද්‍යාලයේ අබලන් වූ පාසල් ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙසේ සාර්ථකව අවසන් කරන ලදී.

මෙම ව්‍යාපෘතීන්වල අධීක්‍ෂණ කටයුතු මෙන්ම ඒ සඳහා අවශ්‍ය අරමුදල් සහ පරිපාලනමය කටයුතු රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු වශයෙන් රාජකාරි කරනු ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු, වත්මන් යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන විසින් සිදුකරනු ලැබීය.

රජය යුද්ධ හමුදාව වෙතින් අපේක්‍ෂිත පරිදි ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සඳහා යුද්ධ හමුදාව සක්‍රීයව දායකත්වය සැපයිම තුලින් රජයේ අරමුදල් විශාල ප්‍රමාණයක් ඉතිරිකරගැනීමට හැකියාව ලැබිණි. එමෙන්ම, යුද්ධ හමුදා භටපිරිස්වල ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම තුලින් අදාළ රාජ්‍ය ආයතන වෙතින් අපේක්‍ෂා කරනු ලැබු නියමිත දිනට පෙර ව්‍යාපෘතීන් සාර්ථකව අවසන් කිරීමට ද භටපිරිස් සමත් වූහ.