Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd July 2022 21:24:56 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරනයෙන් ‘අධීරදන්’ පෙර පාසල සඳහා කුඩා රඟහලක්

65 වන සේනාංකයට අයත් 653 බලසේනාවේ රාජකාරියේ නියුතු භටපිරිස්වල ඉංජිනේරු විශේෂඥතාව සහ ශ්‍රම දායකත්වය මත ‘Access Engineering’ සහ ‘J. Lanka Company Ltd’ යන පුද්ගලික ආයතනවල මූල්‍ය අනුග්‍රාහකත්වය මත තුනුක්කායි, ආලන්කුලම් ප්‍රදේශයේ ඇති ‘අධිරදන්’ පෙර පාසල සඳහා ඉදිකර දුන් කුඩා රඟහලක් සහිත අඩි 15 X 40 ප්‍රමාණයක ගොඩනැගිල්ල ජූනි 23 දින පැවති උත්සවයකදී පෙර පාසලේ අධ්‍යාපනය ලබන කුඩා ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා පවරා දෙනු ලැබීය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි විසින් ලබාදුන් උපදෙස් මත, අනුග්‍රාහකභවතුන්ගේ සහය ඇතිව, සිවිල් - හමුදා සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස 2022 පෙබරවාරි මස 03 දින ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබු අතර, 2022 ජුනි මස 23 දින එය සම්පූර්ණයෙන් සාදා නිම කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි සහභාගී වූ අතර, තවද එම අවස්ථාවට 65 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 653 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එන්.සී සේරසිංහ, 17 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඒ. ඒ. එන්. බී අතුරුගිරිය, (Access Engineering) ආයතනයේ වරුණ මල්ලවාරච්චි මහතා, (J. Lanka Company Ltd) හි කළමනාකාර දේශප්‍රිය මහතා, (MAGA) ඉංජිනේරු ආයතනයේ සම්පත් මහතා , මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී යෝගස්වරන් මහතා, සහ ‘අධිරදන්’ පෙර පාසලේ සුගීදා ගුරු මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.