Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd July 2022 21:13:29 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුල් 12 ක් වෙත වියළි සලාක පාර්සල්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්වල සම්බන්ධීකරනයෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ - 94 වන කණ්ඩායමේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත මුතියන්කඩ්ඩුකුලම් ග්‍රාමසේවා කොට්ඨාශයේ අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභී පවුල් 12ක් වෙත වියළි සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් ජුනි මස (27) දින සංවිධානය කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, 64 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 643 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 8 වන ශ්‍රී ලංකා කාල තුවක්කු හමුදාවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂනය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.