Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd July 2022 21:08:12 Hours

විඥ්ඥාණකුලම් නවරත්නම් ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරිමට යුද්ධ හමුදා භටපිරිස්වල සහය

ආරක්‍ෂක සේනා මූලස්ථාන - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්වල ශ්‍රමදායකත්වය මත පසුගිය ජූනි 23 වන දින ‘විඥ්ඥාණකුලම් නවරත්නම්’ ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත්කරන ලදී.

මෙම වැඩ සටහන සඳහා එම පාසලේ සිසුන්, ගුරුභවතුන් සහ සිසු සිසුවියන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

යුද්ධ හමුදා භටපිරිස් විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනට සහභාගි වූ පිරිස සඳහා දිවා ආහාර ලබා දීමෙන් සංග්‍රාහ කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වූහ.