Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd July 2022 21:17:35 Hours

යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමන්ගෙන් ‘මාධ්‍ය සබඳතා’ පිලිබද හරවත් දේශනයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා ජන මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න විසින් ඉකුත් සෙනසුරාදා (2) දින ‘මාධ්‍ය සහ හමුදා සබඳතාවය’ යන මැයෙන් නිලධාරීන් සහ සෙසු නිලයින් දැනුවත් කිරීමේ දේශනයක් පවත්වන ලදී. මෙහිදී, කාලෝචිතව යුද්ධ හමුදාව විසින් ජනමාධ්‍ය භාවිතය සහ එහි බලපෑම ආදී විශේෂ කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කරමින් මාධ්‍ය භාවිතය පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී.

දේශනය අතරතුර, යුද්ධ හමුදා ජන මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න විසින් මාධ්‍යයේ ධනාත්මක අංශ වෙත ප්‍රවේශ වීම සඳහා එහි තිරසාර සබඳතාවයේ අවශ්‍යතාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කල අතර, එහිදී, යුද්ධ හමුදාවේ කීර්ති නාමය කෙරෙහි මාධ්‍යයේ බලපෑම, මාධ්‍ය විමසුම් සහ ප්‍රවේශ කළමනාකරණය, යුද්ධ හමුදා සමාජිකයන්ට මාධ්‍යයේ බලපෑම, මාධ්‍යයන්හි වාසි සහ අවාසි, දෘශ්‍ය, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය තුළ එහි අනාවරනයන්, සමාජීය උත්තේජකයක් ලෙස මාධ්‍යයේ වැදගත් අංග, දේශපාලන හා සංස්කෘතික සංවර්ධනය කෙරෙහි මාධ්‍යයේ බලපෑම, මාධ්‍ය ඉතිහාසය සහ ශ්‍රී ලාංකීය සන්දර්භය, ජාත්‍යන්තර වශයෙන් මහජන සබදතාවයන් පවත්වාගැනීම සඳහා මාධ්‍යයේ බලපෑම ආදී තේමාවන් පිළිබඳව පුළුල් ලෙස විග්‍රහකරනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත සියලුම යුද්ධ හමුදා අංශ ආයතනයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු 100 කට අධික යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ. දේශනය අවසානයේ දී, සාකච්ඡාවට බදුන් වූ තේමාවන් පිළිබඳව වැඩිදුර කරුණු පැහැදිලි කරගැනීම සඳහා ප්‍රශ්ණ - උත්තර සැසියක්ද පැවැත්විණි.