Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st July 2022 11:00:16 Hours

12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක පාර්සල් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 612 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ‘ශ්‍රී සත්‍ය සායි’ පදනමේ අනුග්‍රහකත්වය මත මතුගම ප්‍රදේශයේ පදිංචිව සිටින අඩු ආදායම්ලාභි පවුල් සඳහා වියළි සලාක පාර්සල් 100 ක ප්‍රමාණයක් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (28) දින වැලිපැන්න, මතුගම, ශ්‍රී සාරානන්ද පිරිවෙන් පිරිශ්‍රයේදී පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ උපදෙස් මත, භටපිරිස් මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ සහයෝගය ඇතිව අදාළ ප්‍රදේශවල අඩු ආදායම් ලාභී පවුල් තෝරාගන්නා ලදී. රුපියල් 5000.00 ක වටිනාකමකින් යුත් එක් වියලි සලාක පාර්සලයක සහල්, පරිප්පු, තිරිඟු පිටි, සීනි, තේ කොළ ආදී අතාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු විය.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී, ‘ශ්‍රී සත්‍ය සායි’ පදනමේ නියෝජිතයින් සහ ප්‍රතිලාභී පවුල්වල සාමාජිකයන් සහභාගී වූහ.