Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th June 2022 16:21:32 Hours

විශේෂ පාබල ක්‍රියාන්විත කණ්ඩායම් පාඨමාලා අංක - 76 සාර්ථකව අවසන්

විශේෂ පාබල ක්‍රියාන්විත කණ්ඩායම් පාඨමාලා අංක - 76 සාර්ථකව හැදැරු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයක් ජුනි මස 19 මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් නජීව එදිරිසිංහ සහභාගී වූවේය.

58 වන සේනාංකයේ නිලධාරීන් 6 දෙනෙකු සහ සෙසුනිලයන් 189 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අප්‍රේල් මස 27 දින ආරම්භ වූ මෙම විශේෂ පාබල ක්‍රියාන්විත කණ්ඩායම් පාඨමාලාව දින 91 ක කාල සීමාවක් පුරාවට පැවැත්විණි. මෙම පාඨමාලාව ඉංජිනේරු අදියර, ප්‍රථමාධාර අදියර, සංඥා අදියර, ගුවන් හමුදා අදියර, ප්‍රගුණ වෙඩික්කරු අදියර, කාලතුවක්කු අදියර සහ යුද උපක්‍රම අදියර වශයෙන් ප්‍රධාන අදියරයන් 7 ක් යටතේ පැවැත්විණි.

සතුරා හමුවේ යුද උපක්‍රම භාවිතා කරමින් නිර්භීතව කටයුතු කළයුතු ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් විශේෂ පාබල ක්‍රියාන්විත කණ්ඩායම් පාඨමාලාව පවත්වනු ලබයි.

පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූ පහත නම් සඳහන් නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත විශේෂ කුසලාන පිරිනමනු ලැබීය.

දක්‍ෂතම නිලධාරියා - 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතන් ඒ.එම්.ආර්.කේ.කේ. මුල්ලේගම

දක්‍ෂතම සෙසුනිලයා - 1 වන ගැමුණු හේවා බලකායේ සැරයන් ආර්.ඒ.ජී.සී. රණසිංහ

දක්‍ෂතම වෙඩික්කරු - 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ආර්.ජී.ඩී.එන්. බණ්ඩාර

හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා - ලාන්ස් කෝප්‍රල් එම්.ජී.බී.යූ. කීර්ති කුමාර

හොඳම පෙළ

1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලුතිනන් ඒ.එම්.ටී.එම්. අමරකෝන්

1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ජේ.එම්.පී.එල්. ජයවර්ධන

1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් එස්.එම්.ජී.සී. සිරිවර්ධන

1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල ඩී.එස්. සඳරුවන්

1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල කේ.ඩබ්ලිව්.ජී.ජී. විජේසූරිය

1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල ජේ.එම්.එල්.එස්. කරුණාරත්න

1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල ජේ.එච්.කේ. ජයලත්

1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල පී.එන්.එල්. උඩගෙදර

1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල එස්.එල්.සී. සෙනෙවිරත්න