Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th June 2022 16:24:52 Hours

හරිත කෘෂිකර්මාන්තයට විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස්හී දායකත්වය

යුද්ධ හමුදාවේ හරිත කෘෂිකර්ම සහ ආහාර සුරක්‍ෂිතතා ව්‍යාපෘතියට රුකුලක් ලබාදෙමින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කෙටි කාලීන භෝග හා ධාන්‍ය වර්ග මෙන්ම කාලීන භෝග වර්ග වගාකිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.

අක්කර 20 ක භූමි ප්‍රමාණයක් තුළ ආරම්භ කරනු ලැබූ මෙම වගා ව්‍යාපෘතිය සඳහා 50 දෙනෙකුගෙන් සමන්විත භටපිරිස් ප්‍රමාණයක් සිය ශ්‍රම දායකත්වය ලබාදෙනු ලබන අතර මෙම ව්‍යාපෘතිය මඟින් වට්ටක්කා, මුරුංගා, දඹල, රාබු, දෙහි, බඩඉරිඟු සහ ඉඟුරු ආදී භෝග වර්ග වගාකරනු ලබයි. එම ධාන්‍ය වර්ග විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස්හී දෛනික ආහාර අවශ්‍යතා සපුරාලීමට යොදාගැනීමට කටයුතු කරනු ලබන අතර, එහි අතිරික්තය භටපිරිස් වෙත සහනදායී මිලට අලෙවි කිරීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහ එම රෙජිමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය සඳුදා (27) දින පැවැත්විණි.