Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2022 16:15:11 Hours

211 බලසේනාවේ මූලිකත්වයෙන් ඉදිකරන ලද නව නිවස නිවාසලාභීන්ට

මැදවච්චිය, අඟුනොච්චිය ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ආර් කුමුදුනී ශ්‍රියානි රත්නපාල මහත්මිය සඳහා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත සහ යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද නව නිවස පසුගිය සඳුදා (20) දින පැවති උත්සවයකදී 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත ඊරියගම සහ 211 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්නගේ සහභාගීත්වයෙන් නිවාසලාභී පවුල වෙත නිල වශයෙන් පවරා දෙනු ලැබූහ.

නව නිවසේ ඉදිකිරීම් කටයුතු 211 වන බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ අධීක්‍ෂණය යටතේ 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් සහ නිවස ඉදිකිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදෙස් මත සිදුකරන ලදී.

නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රථිපාදන මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එම් සී මල්ලවාරච්චි මහත්මියගේ සම්බන්ධීකරණයෙන් ලබාදෙන ලදී.

නව නිවස ප්‍රථිලාභි පවුල වෙත භාරදීමේ උත්සව අවස්ථාව සඳහා 211 වන බලසේනාවේ බලසේනාධිපති, නිලධාරීන්, සෙසු නිලයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම නව නිවස 2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්‍ෂණික සහ ඉංජිනේරු විශේෂඥ දැනුම මත ඉදිකරන ලදී.