Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th June 2022 19:04:59 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් මුතියන්කඩ්ඩු සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයන්හි අවශ්‍යතා සහිත පවුල් වෙත වියළි සලාක පරිත්‍යාගයක්

පූජ්‍ය තලගල සුමනරතන නායක හිමියන් ප්‍රමුඛ ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ’ පදනම, සිංගප්පූරුවේ ‘Tan Nagak & Kee Meng Leng’ පදනම සමගින් ‘කළුතර ශාසනාරක්‍ෂක බලමණ්ඩලය’ සහ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ‘එක්සත් ජනපදයේ නැගෙනහිර කලාපීය පදනම් එකමුතුව’ අනුග්‍රාහකත්වයෙන් ලබාදුන් මූල්‍යමය පරිත්‍යාගයන් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංක මූලස්ථානයේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් පසුගිය අඟහරුවාදා (21) දින මුතියන්කඩ්ඩු ප්‍රදේශයේ අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභී පවුල් 1500 සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභී පවුල් 400 ක් සඳහා වියළි සලාක පාර්සල් ප්‍රදානය කරන ලදී.

මෙම වියලි සලාක පාර්සල් බෙදාදීමේ අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහද සහභාගී විය.

ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍යතා සහිත පවුල් තෝරා ගැනීමෙන් පසු 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් ගේ මගපෙන්වීම යටතේ එම සේනාංකයේ සහ 641 වන බලසේනාවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.