Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2022 17:30:39 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් වවුනියාව ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් වෙත වියළි සලාක පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ භටපිරිස් වල සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලැබූ තවත් ප්‍රජා මූලික ව්‍යපෘතියක් වශයෙන් වවුනියාව ප්‍රදේශයේ බෝගස්වැව I, බෝගස්වැව II, නාමල්ගම, සැළලිහිණිගම, නන්දිමිත්‍රගම, කාලික්කුලම් සහ මදීනානගර් යන ගම්මානයන්හි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන අවශ්‍යතා සහිත පවුල් 100 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (19) දින නන්දිමිත්‍රගම ප්‍රජා ශාලාවේදී ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහන සඳහා මුල්‍යමය අනුග්‍රාහකත්වය එක්සත් රාජධානියේ ‘විශ්ව සමාධි’ සංවිධානය විසින් දක්වන ලදී. එම අවස්ථාව සඳහා ‘විශ්ව සමාධි’ සංවිධානයේ සහකාර ලේකම්වරුන් වන චන්දිමා කුරුප්පු මහත්මිය සහ සමාධි නානායක්කාර මහත්මියද එක්ව සිටි අතර, මෙම වැඩසටහන 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන් ලියනගේ ගේ උපදෙස් පරිදි 563 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සංජය පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස්හි සහය ඇතිව සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 563 බලසේනාවේ බලසේනාධිපති කර්නල් සංජය පෙරේරා, 56 වන සේනාංකයේ සහ 563 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්, 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි සහ එම ඒකකයේ භටපිරිස් මෙන්ම ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.