Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2022 10:45:06 Hours

59 වන සේනාංකයේ මූලිකත්වයෙන් ගර්භනී කාන්තාවන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරයි

59 වන සේනාංකයේ භටපිරිස් විසින් පොසොන් පුර පසලොස්වක පුන් පොහෝ දිනය නිමිත්තෙන් පසුගිය අඟහරුවාදා (14) දින ගර්භනී කාන්තාවන් 10 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින් සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වන ප්‍රසාද් ලොකුබාලසූරිය, තිලංක මෙන්ඩිස්, කුෂාන් චතුරංග, ටී.කේ. පීරිස්, චින්තක අබේසේකර,දීපාල් සිරිවර්ධන සහ එන්. බණ්ඩාර යන මහත්වරුන්ගේ අනුග්‍රාහකත්වය හිමිවිය.

මෙම වැඩසටහනට සමගාමීව පරිත්‍යාගශීලීන් විසින් පොසොන් පොහෝ දින දිවා/රාත්‍රි දන්සැලක්ද පැවැත්වීය.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ සෑම ප්‍රතිලාභී ගර්භනී කාන්තාවක් වෙනුවෙන්ම ළදරුවන්ට අවැසි බේසමක්, මදුරු දැලක්, සබන් සහ රෙදිපිළි වැනි ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.  

මෙම වැඩසටහන සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩී සූරියබණ්ඩාර ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගී විය.  

මෙම අවස්ථාව සඳහා 591, 592 සහ 593 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.