Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2022 10:40:21 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ආදිවාසී ප්‍රජාව වෙනුවෙන් වෛද්‍ය සායනයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ භටපිරිස්හි සහයෝගය මත මහනුවර පිළිකා සංගමය විසින් දඹාන ප්‍රදේශයේ වෙසෙන ආදිවාසී ජනතාව වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (16) දින වෛද්‍ය සායනයක් පවත්වා වියළි සලාක පාර්සල් 150 ක් සහ කිහිලිකරු තොගයක් ද බෙදාදෙන ලදී.

වෛද්‍ය නිලධාරීන් 5 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම ප්‍රජා සත්කාරක වැඩසටහනේදී ආදිවාසී වැසියන් වෙනුවෙන් අවශ්‍ය ඖෂධ වර්ග කීපයක්ද නොමිලේ බෙදාදීමට භටපිරිස් විසින් කටයුතු කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා මහනුවර පිළිකා සංගමයේ සභාපති මොහාන් සමරනායක මහතා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් කිහිපදෙනෙක්ද සහභාගී වූහ.