Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2022 17:30:14 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රණවිරු ඇපරල් ආයතනයේ සංචාරයක

පසුගිය දා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි ඇරඹූ රණවිරු ඇපරල් කලමණාකරණ මණ්ඩලයේ හිටපු සභාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු පසුගිය බ්‍රහස්පතින්දා (16) දින යක්කල රණවිරු ඇපරල් ආයතනයේ නිල සංචාරයක නිරත විය.

එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් අසාද් ඉසාදීන් සහ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් අමිල වාසගේ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. ඉන් අනතුරුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive-past) ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රණවිරු ඇපරල් ආයතනයේ සේවයේ නියුතු සියලු නිලයන් අමතමින් එම ආයතනයේ සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කළ සියලුම දක්‍ෂ රණවිරුවන් මෙන්ම සේනාවිධායකතුමන් වෙත සිය කෘතඥතාවය පුදකරන ලදී.

මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය. මෙම අවස්ථාව සඳහා නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.