Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2022 12:06:10 Hours

අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත වියළි සලාක පාර්සල් පරිත්‍යාගයක්

යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ කළුතර ශාසනාරක්‍ෂක බලමණ්ඩලය එක්ව 2022 ජුනි මස 08 දින හම්බන්තොට දෙබරවැව ප්‍රදේශයේ පදිංචි අවශ්‍යතා සහිත පුද්ගලයින් 200 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය වියළි සලාක ඇතුලත් පාර්සල් පරිත්‍යාග කිරීමට සහයෝගය දැක්වූහ.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල ගේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ග්‍රාම නිලධාරීන්ගේ සහයෝගය ඇතිව 122 වන බලසේනාවේ භටපිරිස් විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන යටතේ එකක් රුපියල් 1500/- ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් පරිත්‍යාග කළ අතර එම වියළි සලාක පාර්සල් සහල් කිලෝග්‍රෑම් 2.8 ක්, තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1 ක්, පරිප්පු කිලෝග්‍රෑම් 2 ක් සහ සෝයා මීට් පාර්සල් 03 කින් සමන්විත විය.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්, දෙබරවැව රජයේ පාසලේ විදුහල්පති, 122 වන බලසේනාවේ බලසේනාධිපති, 122 වන බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.